ඔයාලගේ වාහනේ පරිස්සම් කරගන්න - වාහනේ උස්සලා පාට අංක මාරු කරලා විකුණන වැඩක්

Sri Lanka Police Crime Law and Order Latest Headlines Sinhala news
By Ashfa Aug 01, 2025 01:47 PM GMT
Ashfa

Ashfa

Report

විවිධ ප්‍රදේශවලින් සොරකම් කළ ත්‍රිරෝද රථවල අනන්‍යතා වෙනස් කර නැවත අලෙවිය සඳහා සූදානම් කිරීමේ ජාවාරමක් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු වැල්ලම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ, මෙම සැකකරුවන් සොරකම් කළ ත්‍රිරෝද රථවල අංක තහඩු සහ චැසි අංක වෙනස් කර, නව වර්ණයෙන් ආලේප කළ පසු ඉහළ මිලකට විකිණීම සිදුකරමින් සිටි බවයි.

මෙම මෙහෙයුම සිදු කළේ සාලමුල්ල පොලිස් මුරපොළේ සැරයන්වරයෙකු ලබාදුන් තොරතුරක් මත, වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසිනි.

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ඔවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගරාජයක් වැටලීමේදී අනන්‍යතා වෙනස් කළ ත්‍රිරෝද රථ 2ක් සහ වෙනස් කිරීමට සූදානම්ව තිබූ තවත් සොරකම් කළ රථයක් භාරයට ගත්හ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ වැල්ලම්පිටිය, කැලණිය, නවගමුව සහ ආරච්චිකට්ටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025 අගෝස්තු 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ReeCha