මට නිල නිවස එපා - කථානායක නිල නිවස අත්හැරීමට තීරණය කරයි

Sri Lanka Politician Latest Headlines Jagath Wickramaratne Sinhala news NPP Government
By Ashfa Aug 01, 2025 02:10 PM GMT
Ashfa

Ashfa

Report

කථානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කිරීම සඳහා යෝජිත වැඩපිළිවෙළට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව ඇත.

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

ඒ අනුව මාස 6ක ආරම්භක අදියර සඳහා මූලික ව්‍යුහය සැලසුම් කිරීම, උපදෙස් දීම සහ මෙහෙයවීම සදහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස පත් කිරීම පිළිබඳවද සභාවේ එකඟතාවය ලැබුණි.

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

මෙම යෝජනාව සලකාබැලූ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම පැවැත්වුණේ ජූලි 24 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

මෙම නව මධ්‍යස්ථානය මඟින් රජයේ ආයතනවල ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින්, උසස් පර්යේෂණ, විශේෂිත පුහුණු වැඩසටහන් සහ ප්‍රතිපත්ති විශ්ලේෂණ සඳහා අවස්ථා සැලසීම අපේක්ෂා කෙරේ.

කථානායකතුමාගේ පෞද්ගලික ලේකම්වරයා පැවසූවෙයි, මෙම මධ්‍යස්ථානය පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, මුලික අරමුදල් පාර්ලිමේන්තු වෙන්කිරීම්, UNDP සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය වැනි ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ලබාගැනීමත්, දායකයන්ගේ සහය හා පුහුණු වැඩසටහන් මගින් පවත්වාගෙන යාමත් සැලසුම් කර ඇත.

ප්‍රවාහන, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා, මෙම යෝජනාවට පිරිනැමූ ප්‍රසංශාව සමඟින් විෂයමාලා සංවර්ධනය, පාඨමාලා ව්‍යුහය, අධ්‍යයන පැය බෙදාහැරීම සහ ඇගයීම් ක්‍රම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සදහන් කළාය.

කම්කරු අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාද, ව්‍යවස්ථාදායක ලේඛන, පර්යේෂණ සහ වාර්තා සඳහා ඩිජිටල් හා භෞතික ගබඩා ක්‍රමයක් සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

අවසන්වෙමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා , ජාත්‍යන්තර ආයතන, චින්තන මණ්ඩල සහ විද්‍යාත්මක ආයතන සමඟ දැනුම් හුවමාරුව සහ මන්ත්‍රීවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා මෙම මධ්‍යස්ථානය ඉතා වැදගත් පදනමක් විය හැකි බවය.

ReeCha