මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාවන්වල වෙනසක්

Latest Headlines Public Health Inspector Nalinda Jayatissa Sinhala news Breaking News
By Kaushi Aug 01, 2025 01:11 PM GMT
Kaushi

Kaushi

Report

අද (01) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමය යන සංගම්වල නියෝජිතයින් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

ලාෆ්ස් ගෑස් මිල ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්

එහිදී සාකච්ඡා වූ කරුණු අතර වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ වෘත්තිය ගැටළු අතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර පිරවීම, යතුරු පැදි ලබා ගැනීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව කඩිනම් කිරීම, පුහුණුව සඳහා අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම, සේවාස්ථ පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම, රාජකාරි වේලාවන් සංශෝධනය කිරීම, ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් සකස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව සාකච්ඡාවට ලක් කර ඇත.

එමෙන්ම එම කාලීන ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරීන් සමග එම අවස්ථාවේදීම සාකච්ඡා කර ගැටළු කිහිපයකට විසඳුම් ලබා දීමටද පියවර ගෙන ඇත.

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

එසේම අනෙකුත් ගැටළු වෙනුවෙන් ඉදිරියේදී මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කළ අතර එම වේලාව සංශෝධනය කිරීමට පවතින තාක්ෂණික සහ ප්‍රායෝගික මෙන්ම අනෙකුත් කරුණු සම්බන්ධයෙන්ද ඉදිරි තීරණ ගැනීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේ ඒ අනුව ඉතා කෙටි කලකින් එම කමිටුව මගින් ලබා දෙන තීරණ හා තීන්දු මත ඉදිරි කටයුතු සිදුකරන බවයි.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

තවද ආහාරවල සුරක්ෂිතතාවය ඇති කිරීමට මේ වන විට පවතින විවිධ තාක්ෂණීක මෙන්ම ප්‍රායෝගික ගැටළු සම්බන්ධවද අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ අධීක්ෂන ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර මේ සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද ඔහු කියා ඇත.

ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් ඔවුන්ට බලපාන ගැටළු පිළිබඳවද අමාත්‍යවරයාව මෙහිදී දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව එහිදී පියවර ගෙන ඇත්තේ එම ගැටළු විසඳීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හසංක විජේමුණි මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමටයි.

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

ReeCha