පුදුම ආරක්ෂාවක්නේ - නඩු භාණ්ඩ මත්පැන් ටික තේ කහට වලට හරවලා

Report

 විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීම සඳහා අධිකරණ නියෝගයක් අනුව පොලිසිය විසින් ගෙන යන අවස්ථාවේ, එම බෝතල්වල අන්තර්ගතය තේ කහට සහ පල් වතුර බවට පත්ව තිබූ බව අනාවරණය වීමෙන්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (01) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම මත්පැන් තොගය, පෙබරවාරි 17 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගයක් මත විනාශ කිරීමට නියම කළ අතර, එම විනාශ කිරීමේදී බෝතල්වල අන්තර්ගතය සැබෑ මත්පැන් නොවීම මහේස්ත්‍රාත්වරිය විසින් නිරීක්ෂණය කර තිබුණි.

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ජනාධිපති ආරක්ෂකයෝ කරන වැඩද මෙව්වා? ජනපති අනුරටත් ලැජ්ජයි

ඒ අනුව, බෝතල්වලට නැවත සීල් තබා අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කිරීමටද නියෝග කළ අතර, බෝතල්වල ඇත්තේ සත්‍ය මත්පැන් නොවූ බවට ඇති සැකය සනාථ කිරීම සඳහා විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටත් නියෝග ලබා දිනි.

මෙම මත්පැන් තොගය තේ වතුර සහ පල් වතුර බවට පත් කළේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහායි මෙම පරීක්ෂණය නියෝජිතයි.