මම ඉල්ලා අස්වෙන්නෙ නෑ.. කතෝලික සභාව කියපුටික ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ - ඇමති අරුණ
Easter Attack Sri Lanka
Latest Headlines
Sinhala news
gagana news
Colombo politics heat up
By Shehan
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසන්නේ, කතෝලික සභාවේ ප්‍රකාශවලට අනුව තමන් එම ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්, රජය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වන බවත්ය.
ඔහු මෙම ප්‍රකාශය කළේ, පාස්කු විමර්ශනවලට තමන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිටීම බලපෑම් කළ හැකි බවට අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
පාස්කු ප්‍රහාරය සිදුවන විට අරුණ ජයසේකර යුද හමුදාවේ නැගෙනහිර ආඥාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, එම විමර්ශන කටයුතු ස්වාධීනව සිදුවන බවත්, ඒවාට තමන්ගේ කිසිදු බලපෑමක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.
