පස් කාලා කැරට් 24 රත්තරං මළපහ කරන ජීවියෙක් හමුවෙලා මෙන්න [PHOTOS]

Report

ඔබ විශ්වාස කරන්නෙත් නැති වෙන්න පුළුවන් ඒත් මේක ඇත්තක්.

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

තෙල් ගන්න ගෙවල් විකුණන්න වෙයි අරාබියේ තෙල් නවත්තලා ඇමරිකාවෙන් තෙල් ගේන්න සුදානමක්?

මේ ලෝකයේ කැරට් 24 රත්තරන් මළපහ (waste) ලෙස පිටකරන බැක්ටීරියාවක් ඇත්තටම තියෙනවා.

මේ වගේ විශ්මිත සොයාගැනීමක් සිදු කරලා තියෙන්නේ ජර්මනියේ මාටින් ලූතර් විශ්ව විද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක්.

මෙම බැක්ටීරියාව විද්‍යාත්මකව හඳුන්වන්නේ Cupriavidus metallidurans යන නමින්. මුන් විශේෂයෙන් වාසය කරන්නේ ජීවීන්ට ව්‍යාධිකාරී වන ලෝහ-දූෂිත පස හා පතල් වටා පවතින විෂ සහිත පරිසරවලයි.

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

විදුලි බිල අඩු වෙන්නද යන්නේ? ජපානයෙන් කොළ එළියක්

විශේෂයෙන්ම රන් සහ තඹ පතල් අසල ඇති පසවල දැඩි ලෝහ අංශු සහිත බවත්, එම පස අනෙකුත් ජීවීන්ට නරක සහ සෞඛ්‍යට හානිකර වුවත්, C. metallidurans බැක්ටීරියාවට එම පස ආහාරයට ගැනීමට සහ එමඟින් ජීවිත් වීමට හැකියාවක් තියෙනවා.

මෙම බැක්ටීරියාව ආහාරයට ගන්නා විෂ සහිත පසවල අඩංගු රන් සං‍යෝග, එහි ජීව ක්‍රියාවලිය තුළින් ක්ෂුද්‍රතම අංශු (nuggets) ලෙස හැදවෙන කැරට් 24 පිරිසිදු රන් අංශුවලට (pure gold particles) පරිවර්තනය කරන්නේ අපද්‍රව්‍ය (waste/byproduct) හැටියටයි.

ඒ කියන්නේ මේ බැක්ටීරියාව ඇත්තටම රන් ඉවත දැමනවා. මළපහා කරනවා. ඉතාමත් අසාමාන්‍ය ලෙස, මේ ක්‍රියාවලිය සඳහා බැක්ටීරියාව භාවිතා කරන එකෙන්, පරිසරයට අහිතකර වූ විෂ සහිත රන් හා තඹ අණු, විශේෂිත එන්සයිමයක් (enzyme) මගින් උදාසීන කරමින් පරිසරයට බලපෑමක් නැතිව ඔවුන් මෙය ගොඩනඟනවා.

මේ ක්‍රියාවලිය bio-precipitation නමින් හැඳින්වෙනවා. කොහොම වුනත් මෙය ව්‍යාපාරික පරිමාණයේ රන් නිපදවීම සඳහා භාවිතයට ගැනීම තවමත් ඉතා අප්‍රායෝගිකයි.

ශිෂ්‍යත්ව විභාගය ගැන දිවයිනටම දැනුම් දීමක්

ශිෂ්‍යත්ව විභාගය ගැන දිවයිනටම දැනුම් දීමක්

ඒ සඳහා කිසිඳු තාක්ෂණික දියුණුවක් නැහැ.

මේ ක්‍රියාවලිය ගොඩක් මන්දගාමී. ඒ වගේම මේ ක්‍රියාවලිය සිදු වීමට පස තුළ ක්ෂුද්‍ර වශයෙන් රන් සං‍යෝග පවතින්නත් ඕනේ.

ඒ මොනවා වුනත් මේ වගේ සොයාගැනීමක්, ජෛව කැණීම් (biomining), පරිසර හිතකාමී ලෝහ ප්‍රතිසාධන ක්‍රම හා අනාගතයේ රන් සෙවීමේ (eco-friendly gold recovery) ක්ෂේත්‍රවල අලුත් විවෘත කිරීමක් විදිහට හිතන්න පුළුවන්.

GalleryGalleryGalleryGallery