28ක් තුවාල ලැබු වෙඩිල්ල - දෙදෙනෙකු ජිවිතක්ෂයට. (විදෙස්)

Shooting Sri Lanka United States of America Death
By krishani Jul 03, 2023 01:07 AM GMT
krishani

krishani

Report

ඇමරිකාවේ - බොල්ටිමෝ නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේ පැවති උත්සවයකට කඩා වැදුණු තුවක්කුකරුවෙකු වෙඩි ප්‍රහාර 20 ත් 30 අතර ප්‍රමාණයක් එල්ල කිරිමෙන් ය.

මෙම වසර තුළ පමණක් ඇමරිකාවේ ගිනි අවි හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 44,357 ක් වේ.

ඉන් 24,090 ක්ම සියදිවි නසා ගැනීම් වන අතර ඇමරිකාව තුළ සමූහයන් ඉලක්කර සිදු වූ 337 වන වෙඩි තැබීම මෙය වේ.