ගුවන් යානයේ ‘නිරුවත් නර්තනය’ – සේවකයා අත්අඩංගුවට!

Report

බ්‍රිතාන්‍ය ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක ගුවන් සේවකයෙක් ගුවන් ගමනක් අතරතුර ව්‍යාපාරික ශ්‍රේණියේ නිරුවතින් නර්තනයේ යෙදෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 41ක් වූ එම ගුවන් සේවකයා මගීන්ට ආහාර පිළිගැන්වීමට නොපැමිණි නිසා සිදු කළ සෝදිසි කිරීමකදී නිරුවතින් වැසිකිළියක උඩ පනිමින් සිටියදී සොයාගෙන ඇතැයි වාර්තා වේ.

මහින්දානන්ද වෙනුවෙන් සංඝරත්නය පෙරට.ඔහු නැති අඩුව ලොවට කියයි.

මහින්දානන්ද වෙනුවෙන් සංඝරත්නය පෙරට.ඔහු නැති අඩුව ලොවට කියයි.

පසුව ඔහුට වෙනත් ඇඳුම් ලබාදී, පැය 10ක ගුවන් ගමන අවසන් වන තෙක් බැඳ තබා ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

එම අවස්ථාවේ ගුවන් යානය තුළ සේවකයන් සහ මගීන් 470ක් පමණ සිට ඇති අතර, සේවකයන් පවසා ඇත්තේ ඔහු මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බවයි.

මැද විවේකයකදි ලෝකයට කියූ රහසක් – 'මට පියයුරු පිළිකාව තියෙනවා.. රූ රැජින සටන ඇරඹේ..

මැද විවේකයකදි ලෝකයට කියූ රහසක් – 'මට පියයුරු පිළිකාව තියෙනවා.. රූ රැජින සටන ඇරඹේ..

ගුවන් ගමන අවසානයේ ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇති අතර, ප්‍රතිකාර අවසානයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර, එම ගුවන් සේවකයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි