ශිරන්ති රාජපක්ෂ වැලිකඩට - ආරක්ෂාවට තර්ජනයක්ද? විශේෂ ආරක්ෂාවක්

Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති අර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බවයි.

බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක ඇය රැඳවීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේය.

රටේ ඉන්ධන හිඟයක් - තෙල් පිරවුම්හල් වසා දැමෙයි - ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්

රටේ ඉන්ධන හිඟයක් - තෙල් පිරවුම්හල් වසා දැමෙයි - ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්

රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වැනිදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කළේය.

මාධ්‍ය වාර්තා කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැකකාරිය කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මෙහිදි මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළ බවයි.

ඊයේ රටම උණුසුම් කරමින් රිමාන්ඩ් කළ ශිරන්ති රාජපක්‍ෂ බන්ධනාගාර ආරක්ෂාව මැද අද නවලෝක රෝහලට - හේතුව මෙන්න

ඊයේ රටම උණුසුම් කරමින් රිමාන්ඩ් කළ ශිරන්ති රාජපක්‍ෂ බන්ධනාගාර ආරක්ෂාව මැද අද නවලෝක රෝහලට - හේතුව මෙන්න

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ආවේය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ අධිකරණ නියෝග මත ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනිම සඳහා යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි.