දැයට කිරුළ ප්‍රදර්ශනයේ මිලියන 700ක් වංචාවක්.. ශිරන්තිට තවත් නඩුවක් කැරකේ
2012 සහ 2013 වසරවල පැවැති 'දැයට කිරුළ' ජාතික ප්‍රදර්ශනවලදී රුපියල් මිලියන 700කට ආසන්න රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ, ‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් 2026.01.12 දින ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවය.
අදාළ ප්‍රදර්ශන 2012 වසරේ අනුරාධපුර මායාකඩුව ප්‍රදේශයේදීත්, 2013 වසරේ අම්පාර හාඩි විද්‍යාලයේදීත් පැවැත්වී ඇති අතර, එම අවස්ථාවලදී රාජ්‍ය මුදල් වංචා සහගත ලෙස අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම චෝදනාවලට එවකට ඇමතිවරයෙකු වූ රංජිත් සියඹලාපිටිය, හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් 12 දෙනෙකුට අධික පිරිසක් සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.
රාජ්‍ය නිලධාරීන් තමන්ට හිතවත් සමාගම් සමඟ එක්ව මෙම මුදල් අවභාවිත සිදුකර ඇති බවට එල්ල වූ චෝදනා මත විමර්ශන ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.