අත්අඩංගුවට ගත් බව කිව්ව ශිරාන් බාසික් ඇත්තටම අත්අඩංගුවට ගෙන නෑ..ආනන්ද දන්වයි
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරන්නේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වශයෙන් සැලකෙන ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිල ලෙස දැනුම්දී නොමැති බවයි.
එසේ වුවත් නිල නොවන ආරංචි මාර්ග ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් ඔහු සඳහන් කළා.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ ආනන්ද විජේපාල මහතා කියා සිටියේ,
[S8TE6TK
"නිල වශයෙන් දැනුම්දීමක් සිදු නොකරන තිබුණත්, මේ පිළිබඳව යම් යම් තොරතුරු ප්‍රමාණයක් තිබුණා.මේ පිළිබඳව පොලිසිය අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානයෙන් ඉන්නවා. ඉදිරි කාලයේදී මේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් පියවර ගන්නවා.රතු සහ නිල් නිවේදන නිකුත් කර තිබෙනවා. ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීම ඉදිරියේදී කරනවා. ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම ගැන ඩුබායි රාජ්‍යයෙන් නිල දැනුම්දීමක් නැහැ. ඇතැම් තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා. කොහොම වුණත්, මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය හරහා සොයා බලමින් ඉන්නවා. මොන ආකාරයේ පුද්ගලයෙක් වුණත්, ඔහුව නීතියේ රැහැනට කොටු කරගන්න. අපි අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා."