අද පටන් ගන්න යන වැඩක් ගැන හමුදාපතිගෙන් දැනුම් දීමක්..
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ අවුරුදු 20 ත් 29 අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිසට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අදින් ආරම්භ කෙරෙනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලදීම අවුරුදු 20 ත් 29 අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිසට එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙන බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
කෙසේවෙතත්, කොළඹ දිස්ත්‍රික්කයේ දැනට ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානවලට අමතරව විහාර මහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානය යන ස්ථානවලදී ද අවුරුදු 20 ත් 29 අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිසට එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙන බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.
කෙසේවෙතත් අදින් ආරම්භ කෙරෙන අවරුදු 20 ත් 29 ත් අතර වයස් සීමාවේ පසුවන පුද්ගලයින් එන්නත් කිරිමේ වැඩසටහන යටතේ එන්නත් ලබා දෙන්නේ බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බවයි යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |