සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගේ පුත්‍රයාට සිදු වූ දේ..

India Sharuk Khan Arya Khan
By Aruna Oct 03, 2021 08:47 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු 8 දෙනෙකු ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන තිබෙනවා.

ඒ, මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක ඊයේ රාත්‍රියේ පැවති සාදයක් අතරතුරදියි.

අදාළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙස් වලාගෙන අදාළ නෞකාවට ගොඩ වී මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් ෂ්‍රිංග්ලා ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

ත්‍රිකුණාමලයට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ද නිරීක්ෂණය කර තිබෙනවා.

අද උදෑසන ඔහු මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ත්‍රිකුණාමලයට පැමිණ ඇත්තේ

මේ අතර ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගමේ කොවැක්සීන් කොවිඩ් මර්දන එන්නත සඳහා මේ මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙනු ඇති බව එම සමාගම විශ්වාසය පළ කරනවා.

ඉන්දියාවේ ආසාදිතයින් සහ මරණ පසුගිය සතියේ තරමක් පහළ ගිය ද ඊයේ දිනය වන විට එය යළි ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ගත වූ දිනයේ එරටින් නව ආසාදිතයින් 24,354ක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, ලක්ෂ 3කට ආසන්න එරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව දින 200කට පමණ පසු පහත වැටී තිබීම ද විශේෂත්වයක්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now