සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේ පදවියට
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයාගේ පදවියට ඉෂාන් සංඛ මාපිටිගම මහතා පත්කර ඇත.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද දින (20) බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන ඔහු තේරී පත්වී ඇත.
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුරට තරුණ බස්නායක නිළමේ කෙනෙකු පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර තනතුර සදහා අපේක්ෂකයින් 20 දෙනෙකුගෙන් යුත් තරගයේදී ඡන්ද 6කින් ජයසිංහ බණ්ඩාර මහතා පරාජය කරමින් මෙම තනතුරට පත්වීමට ඉෂාන් සංඛ මාපිටිගම මහතා සමත් විය.