මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

Harini Amarasuriya Education schools Sinhala news School Holiday
By Ashfa Aug 20, 2025 11:44 AM GMT
Ashfa

Ashfa

Report

යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳහා හෙට (21) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ.

"මට මගේ බිරිදව ගෙනල්ලා දෙන්නකෝ ළමයි තුන්දෙනා අඩනවා" විදෙස් ගත බිරිද ඉල්ලා පුද්ගලයෙක් විදුලි කණුවට නගී

"මට මගේ බිරිදව ගෙනල්ලා දෙන්නකෝ ළමයි තුන්දෙනා අඩනවා" විදෙස් ගත බිරිද ඉල්ලා පුද්ගලයෙක් විදුලි කණුවට නගී

ඓතිහාසික යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ තේරු උත්සවය නිමිත්තෙන් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත.

තේරු උත්සවය දිනයන්හි සාමාන්‍යයෙන් පාසල් නිවාඩු දෙනු ලැබුවත් මෙවර උත්සවය දිනයේ පාසල් දිනයක් ලෙස නම් කර ඇත.

මේ තුන්දෙනාව දැක්කොත් ඒ වෙලේම පොලීසියට කියන්න බෝම්බ සම්බන්ධ අපරාධකරුවන්

මේ තුන්දෙනාව දැක්කොත් ඒ වෙලේම පොලීසියට කියන්න බෝම්බ සම්බන්ධ අපරාධකරුවන්

මේ හේතුවෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සත්‍යලිංගම් සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් අද (20) අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී හෙට නිවාඩුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

ඒ අනුව යාපනය දිස්ත්‍රික් පාසල් සඳහා හෙට නිවාඩුවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත්, උතුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන් නිවාඩු ඉල්ලා සිටින පාසල්වලට පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරමින් සිටින බවත්, එය ගැටළුවක් ඇති කරන බැවින් මේ පිළිබඳව අවධාරණය කිරීම සඳහා නැවත වරක් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය හමුවන බවත් මන්ත්‍රී සත්‍යලිංගම් මහතා පවසයි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ