ලෝක උරුම නකල්ස් මැද්දෙන් කාපට් පාරක් ආණ්ඩුවත් සද්ද නෑ

Sri Lanka Politician Government Of Sri Lanka Sinhala news gagana news
By Mithu Aug 20, 2025 09:53 AM GMT
Mithu

Mithu

Report

 ආණ්ඩුව සිදු කිරීමට නියමිත පරිසර හානිදායක සිදුවීමක් පිළිබදව වාර්තාවේ.

නකල්ස් ලෝක උරුම රක්ෂිතය මැදින් තංගප්පුව සිට අට්ටලමේට්ටුව දක්වා අධි සංවේදී පරිසර කලාපයක පිහිටි අත්හැර දමා තිබූ පාරක් යළි සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පරිසරවේදී ජනක විතානගේ පැවැසීය.

කාලයක් තිස්සේ අතහැර දැමූ මේ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයක් ගෙන ඇති බවක් දැනගන්නට නැතැයිද ඔහු කීය. එසේ තිබියදී පසුගිය දිනෙක මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එහි ගොස් එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මැනුම් කටයුතු පවා සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වූයේ යැයිද හෙහෙම පැවැසීය.

පසුගිය ආණ්ඩු කාලයන්හි පවා එම ප්‍රදේශයේ හෝටල් හිමියන් කිහිපදෙනෙක් පටු අරමුණු වෙනුවෙන් මේ මාර්ගය අනීතික අයුරින් සංවර්ධනය කර ගැනීමට උත්සාහ දැරූ බවටද ජනක විතානගේ චෝදනා කළේය.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

.යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නකල්ස් රක්ෂිතය නම් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ පයින් ඇවිද ගොස් එය නැරඹීම ඇතුළු සංචාරක කටයුතුවල නිරත වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිසි අවසරය ලබාදී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේ තිබියදීත් ප්‍රදේශයේ ඇතැම් හෝටල් හිමියන්ගේ අවශ්‍යතාව මත වත්මන් ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම යැයි පවසමින් කඳුකර වනාන්තරවලින් හෙබි මේ අධි සංවේදී පරිසර කලාපය කාපට් අතුරා සංවර්ධනය කිරීමට කටයුතු සැලසුම් කරන බවටද හෙතෙම චෝදනා කළේය.

ඔහු ඉතා වයෝවෘද්ධයි මේ මනුස්සයාට පාඩුවෙ ඉන්න දෙන්න මහින්ද වෙනුවෙන් ඉල්ලීමක් කළ මහින්ද

ඔහු ඉතා වයෝවෘද්ධයි මේ මනුස්සයාට පාඩුවෙ ඉන්න දෙන්න මහින්ද වෙනුවෙන් ඉල්ලීමක් කළ මහින්ද

මෙවන් අධි සංවේදී කලාපයක්, දේශපාලන හිතවතුන් මැදිහත් කර ගැනීමෙන් නිසි අධ්‍යයනයකින් හෝ තොරව සංවර්ධනය කිරීම අනුමත නොකරන බවද ඔහු කීය. මේ මාර්ගය සංවර්ධනය කීරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ද ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ මූලිකත්වයෙන් මේ සතියේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු පැවැසීය.

ලුණු පැකට් එකක මිල පහතට නව මිල මෙන්න

ලුණු පැකට් එකක මිල පහතට නව මිල මෙන්න