මේ තුන්දෙනාව දැක්කොත් ඒ වෙලේම පොලීසියට කියන්න බෝම්බ සම්බන්ධ අපරාධකරුවන්
කිරිබත්ගොඩ පොලිස් ස්ථානය සිදුකල මෙහෙයුමකදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ටී - 56 ගිනි අවියක් පොලිසිය සොයාගෙන තිබේ.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලබාගත් කටඋත්තරයකට අනුව පසුගිය මස 21 වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් තවත් පුද්ගලයෙක්ව අත්බෝම්බ සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

"මට මගේ බිරිදව ගෙනල්ලා දෙන්නකෝ ළමයි තුන්දෙනා අඩනවා" විදෙස් ගත බිරිද ඉල්ලා පුද්ගලයෙක් විදුලි කණුවට නගී
පසුව එම පුද්ගලයාව කල විමර්ශනයේදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය තවත් අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින සැකකරුවෙකු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු පිළිබද තොරතුරු වාර්තා වී ඇත
[
]
එම පුද්ගලයන් තිදෙනාව අත්අඩංගුවට ගැනීම සදහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වව්නියා ප්‍රදේශයට ගිය නමුත් ඒ වන විටත් අදාළ සැකකරුවන් තිදෙනා ප්‍රදේශය අත්හැර පලාගිය බව වාර්තා වේ.
පලාගිය පුද්ගලයන් තිදෙනාගේ විස්තර පහත පරිදි වන අතර මොවුන්ගේ විස්තරයක් යම් තොරතුරක් ලැබුණ සැණින් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සැකකරුවන්ගේ විස්තර
සම්පූර්ණ නම - ජිවරාස සුජීපන්
වයස - අවුරුදු 30
ලිපිනය - ගාන්ධි නගර්, නෙරියකුලම, වව්නියාව
ජා.හැ.අංකය - 950554215V 02.
සම්පූර්ණ නම - ඉලන්කෝ ඉසයිවිතන්
වයස - 27
ලිපිනය - අංක 379, 03 වන කොටස, මැණික්ෆාම්, සෙට්ටිකුලම්
ජා.හැ.අංකය - 199836210402 03.
සම්පූර්ණ නම - මහේන්දිරන් යෝගරාසා
වයස - 27 ලිපිනය - අරාලි බටහිර, වඩුකොට්ටෙයි
ජා.හැ.අංකය - 981633881V
දුරකතන අංක - ස්ථානාධිපති, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය - 071-8591966 ස්ථානාධිපති, විමර්ශ අංශ 01 - 071-8596150