මේ ගෑනු අයගෙන් පරිස්සම් වෙන්න, ඇඳ පැළඳ ගෙන ගියා වගේ නෙවෙයි මේ කල්ලියට අහු වුණොත්
මෙරට ප්‍රධාන කෝවිල් හා දේවස්ථානවල පැවැත්වෙන වාර්ෂික උත්සවවලට පැමිණෙන බැතිමතුන්ගේ රන් මාල කඩා ගැනීමටම සංවිධාන ගතවූ ඉන්දියානු ජාතික කාන්තාවන් දෙදෙනකුගෙන් යුතු කාන්තාවන් 08 දෙනකුගේ කල්ලියක් කොටුකර ගැනීමට යාපනය පොලිසියට හැකියාව ලැබී ඇත.
ඒ අනුව බුද්ධි අංශ ප්‍රකාශ කළේ උතුරු - නැගෙනහිර පළාත් ආශ්‍රිත දේවස්ථාන සහ කෝවිල් උත්සව සමයේදී ඉන්දියාවේ සිට එම කාන්තාවන් දෙදෙනා සමඟ තවත් කතුන්ද ඇතුළත් පික්පොකට් කල්ලියක්ම පැමිණෙන බවයි.
එසේම එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මෙම කල්ලිය මඩු දේවස්ථානයේ වාර්ෂික උත්සවය, නල්ලූර් කෝවිලේ උත්සවය, කෝනේෂ්වරන් කෝවිලේ උත්සවය, තලවිල මංගල්‍යය ආදී උත්සව ප්‍රධාන ලෙස ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන බවයි.
ඊට අමතරව ඔහු ප්‍රකාශ කළේ උතුරු සහ නැගෙනහිර පළාත්වල කාන්තාවන් මෙවන් උත්සවවලට රන් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් පැළඳ පැමිණීමේ ප්‍රවණතාවක් ඇති බවත් එය ඔවුන්ගේ සම්ප්‍රදායක් බවත් ය.
ඒ අනුව පූජාවන් අවස්ථාවන්වලදී ඇතිවන තෙරපීම් අස්සේ මෙම සංවිධානාත්මක කාන්තා කල්ලිය රන් මාල කඩා ගැනීම්වල නිරතව සිටින බවත් ඊට පිරිමි පුද්ගලයින් ද සහය දෙන බවත් ඔහු පවසයි.
මීට පෙර මඩු දේවස්ථානයේ පැවති උත්සවයේදී පවා කාන්තාවන් 10 දෙනකුට වැඩි පිරිසකගේ රන් මාල කඩාගෙන තිබුණු බවත් එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 75 ඉක්මවා තිබුණු බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් සිව් දෙදෙනෙක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම යාපනයේදී අත්අඩංගුවට ගත් කාන්තාවන් හා මඩු හීදී අත්අඩංගුවට ගත් කණ්ඩායම අතර සම්බන්ධයක් ද ඇති බව පෙනී ගොස් ඇතැයි පොලීසිය වාර්තා කරයි.
එසේම ඉන්දියානුවන්ට අමතරව අත්අඩංගුවට ගත් සෙසු කාන්තාවන් රොඩී සහ අහිකුණ්ඨික ජන කොට්ඨාශවල අය බවද හෙළිව ඇත. මේ පුද්ගලයන් හලාවත සහ තඹුත්තේගම පිහිටි අහිකුණ්ඨික හා රොඩී ගම්මානවල ජීවත්වන අය වේ.
එසේම මෙහි විශේෂත්වය නම් ඉන්දියාවේ සිට මාල කඩන්නට පැමිණෙන කාන්තාවන් ඇතුළු පිරිස්ද මෙම ජන කොට්ඨාශයටම අයත් අය වීමයි.