මාව දෙවනි පාරටත් පුංචි කෙනෙක් කලාට තැන්ක්ස්, ශනුද්‍රි ප්‍රියසාද් (PHOTOS)

By Sithumi May 22, 2022 06:01 PM GMT
Sithumi

Sithumi

Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ජනප්‍රියම නිලියක් කියලා අපි හැමෝම දන්නවානේ. විශේෂයෙන්ම ප්‍රියසාද් පවුලට වැඩි තැනක් අපේ රටේ නිර්මාණය වෙලා තියනවා. මොකද ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයින් ගොඩ දෙනෙක් ඉන්නවා.

මේ දවස්වල ප්‍රියසාද් ෆැමිලි එකට හරිම සතුටුදායක කාලයක්. එකක් තමයි දිනක්ෂි මුලින්ම අම්මා කෙනෙක් වෙලා පුංචි දියණියක් පවුලට එකතු වුනා. ඉන් පස්සේ ඇයගේ නංගි ශේෂාද්‍රිත් මවක් වුනේ දියණියක් බිහි කරමිනුයි. මේ වගේ සතුටු දායක කාරනා එක්ක හැමදෙයක්ම දිහා බලාගෙන සතුටට පත්වෙලා සිටින කෙනෙක් ඉන්නවා.

වෙන කවුරුත් නෙවෙයි ප්‍රියසාද් පවුලේ බාලම දියණිය ශනුද්‍රි. දිනක්ෂිගේ බබාත් ගෙදර අරගෙන එනකල්ම ඉවසිල්ලක් නැතිව හිටියා වගේම ශේෂාද්‍රිත් අම්මා කෙනෙක් වෙලා දුවෙක් ගෙදරට ගෙනාවාට පස්සේ ශනුද්‍රිගේ සතුට දෙගුණ තෙගුණ වෙලා තියනවා. මුලින්ම ඇය දිනක්ෂිට කිව්වේ ඉක්මනින්ම මාව පුංචි කෙනෙක් කලාට ගොඩක් ස්තුතියි කියල.

දැන්නම් ඇය දියනියන් දෙන්නෙක්ගේ පුංචි කෙනෙක්. බබා ගෙදර එක්කගෙන එන්න කලින් ඉඳලම ඇඟිලි ගනිමින් තමයි ඇය බලාගෙන හිටියේ. අක්කලා දෙන්නම අම්මා කෙනෙක් වෙලා චූටි සුරංගනාවියන් ගෙදරට අරගෙන ආවට පස්සේ පවුලේ බාලයා විදියට ඇයට ගොඩක් සතුටුයි.

මේ දවස්වල ශේෂාද්‍රිගේ වැඩ වලට උදව් වෙන්නේ දිනක්ෂි අක්කා තමයි. මොකද බබා ලැබුන ගමන් වැඩිය දැනුමක් නැති නිසා දිනක්ෂි තමයි බබාගෙ වැඩ ගැන කියලා දෙන්නේ. මේ දෙන්නම ගැන කතා කලාට පස්සේ ශනුගේ විස්තර ගැනත් පුවත් පතකට කියලා තිබුනේ මෙමෙයි.

මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ද වෙලා රඟපෑම් කටයුතු කරනවා. දැන්නම් තරමක් කාර්ය භහුල කාලයක් ගතකරන්නේ. හැබැයි එක දිගටම නිර්මාණ වලට යන්නේ නැහැ. දැන් රංගනයේ යෙදෙන වැඩ ටික ඉවර කරලා ටිකක් නිහඩව ඉන්නවා. මොකද මට ආරාධනා ලැබෙන තරමට හැම එකක්ම එකපාර බාගන්නත් බැහැ.

අනික නිතරම ටීවී එකේ පෙන්න ඉන්නවත් මම කැමති නැහැ. හොඳ නිර්මාණ කිහිපයක් කලාට පස්සේ ටිකක් කල් පෙන්න නැතුව ඉඳලා ආයෙත් වැඩ පටන් ගන්නවා. එතකොට ප්‍රේක්ෂකයින්ට වුනත් අපිව එපා වෙන්නේ නැහැනේ

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha