ක්‍රිකට් ලොක්කන්ට රතු එළියක් පත්තු වෙමින් කරන්න යන දෙයක්?. මෙරටින් ගත් තීරණයක් මෙන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මෙරට ක්‍රීඩාලෝලීන්ගේ සංගමය තීරණයක් ගෙන තිබෙනවා.
ඒ දූෂිත ක්‍රිකට් පරිපාලනය පලවා හැරීම වෙනුවෙන් ඔන්ලයින් ක්‍රමයට අත්සන් කළ හැකි පෙත්සමක් ආරම්භ කිරීමටයි.
එය අද (21) සිට ක්‍රියාත්මක කර ඇත.
මේ අතර, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගෙන් අද පැය හතර හමාරක පමණ දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
ඒ ඔහු නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයක ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා එම විශේෂ පොලිස් විමර්ශන ඒකකයට සිදුකළ පැමිණිල්ලට අදාළවයි.
ඒ වෙනුවෙන් ඔහු අද කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටා තිබෙන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියේ ය.
කෙසේ වෙතත්, එහිදී දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.
ලෝක කුසලාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලඳ පරාජයන් පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පවසමින් පසුගිය 13 වෙනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ ය.
එම මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කරුණු පාදක කරගනිමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකකයට පැමිණිල්ලක් සිදුකර ඇත.
ඒ පසුගිය 16 වැනිදායි.
අර්ජුන සහ ක්‍රීඩා ඇමතිට රතු එළි දල්වමින් ෂම්මිට කොළ එළියක්..තහනම් වූ ක්‍රිකට් වලට සිදු වූ දේ මෙන්න..