ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා දැඩි තීරණයක් ගනී..

By Aruna Nov 05, 2023 05:19 AM GMT
Report

තමන් කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, තමන් නීත්‍යානුකූලව පත්වූ සභාපතිවරයා බවත් තම කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා පෙන්වා ඇති බවත් ඇතැම් අවස්ථාවල පරාජයන්ද ලබා ඇති බවත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය බවයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ක්‍රිකට් ආයතනයේ ලේකම් වරයා ඉල්ලා අස්වීමෙන් පසු සභාපතිවරයාද ඉල්ලා අස්වෙන්නේදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

ක්‍රිකට් ආයතනයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විටත් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද ඔහු තව දුරටත් පවසා ඇත.