ලොව වේගවත්ම ක්‍රීඩිකාව අමෙරිකාවෙන් - නව ලෝක ශූරතා වාර්තාවක් ද තබයි..

By krishani Aug 22, 2023 01:06 PM GMT
Report

2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගය ඊයේ (21) රාත්‍රීයේ දී පැවැත්විණ.

එහිදී ඉතා තියුණු අවසානයක් සනිටුහන් කරමින් නව ලෝක ශූරිය බවට පත් වන්නට අමෙරිකාවේ ෂා කෙරි රිචඩ්සන්ට හැකි විය.

ඒ ජැමෙයිකාවේ ශෙලී ඈන්, ෆෙසර් ප්‍රයිස් සහ ශෙරිකා ජැක්සන් පරාජයට පත් කරමින් ය.

ඒ තත්පර 10යි දශම 65කින් තරගය නිමා කරමින් නව ලෝක ශූරතා වාර්තාවක් ද පිහිටුවමින් ය.

මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය තත්පර 10යි දශම 72කින් නිමා කරමින්  ජැමෙයිකානු ක්‍රීඩිකා ශෙරිකා ජැක්සන් හිමිකර ගත්තේ ය.

මේ අතර මෙම ඉසව්වේ පස්වරක් ශුරිය වූ ශෙලී ඈන් ෆෙසර් ප්‍රයිස්ට මෙවර තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් හිමි විය.