ශාෆ්ටර් ඝාතනය ගැන පොලීසියෙන් කළනිවේදනය

By Sithumi Jan 08, 2023 06:09 PM GMT
Sithumi

Sithumi

Report

ඇතැම් මාධ්‍ය මෙය සියදිවි නසා ගැනීමක් බවට ප්‍රකාශ කිරීමට එක්වරක් උත්සාහ ගෙන නැන්දම්මාට ලියූ ලියුමක් හා නිවසේ තිබී හමුවූ ලණු කැබලි ගැන ප්‍රබන්ධ කතාවක් ප්‍රචාරය කිරීමෙන් පසු පොලිස් මාධ්‍ය ඒකකයෙන් ඒ සියලු කරුණු අසත්‍ය බවට නිවේදනයක්ද නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් නැවතත් සතිඅන්ත පුවත්පතකින් ප්‍රචාරයක් යවා ඇත්තේ ෂාස්ටර් දිවිනසාගන්නට මරණයට දින 5 කට පෙර ගත් උත්සාහයක් බවයි.

එම කතාව නිල වශයෙන් එළියට දමා නැති බව හා ඥාතීන්ට පමණක් පොලිසිය පවසා ඇතැයි එම වාර්තාවේ දැක්වේ. මෙම කරුණු සියල්ල අසත්‍ය බව නැවත වතාවක් පොලිසිය පවසයි. සෙනසුරාදා සවස පොලිසිය ප්‍රකාශ කරන්නේ එවැනි නිගමනයක් කරා විමර්ශකයන් තවමත් එළඹී නැති බවයි.  

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාස්ටර් මහතා පසුගිය මස 15 වනදා බොරැල්ල සුසාන භූමියේදී දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් හමුවූ පසු සමාගමේ විධායක නිලධාරියෙකු වූ ක්‍රිෂ් පෙරේරා සහ බොරැල්ල කනත්තේ කම්කරුවෙකු ෂාස්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පැය 5කට පසුව මරණයට පත්වූණා.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් ෂාස්ටර් මහතාගේ බිරිද,නැන්දනිය ඇතුලු 84 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කළ අතර ඔහු ගමන් කළ මාර්ගයේ සීසීටීවී කැමරා දර්ශන 40කින් පමණ දත්ත ලබාගෙන විශ්ලේෂණය කිරීමට කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධ අවසන් නිගමනයක් තවම ප්‍රසිද්ධ කර නැහැ.