පාර්ලිමේන්තු "අනංගයන්ට" වැඩ වරදියි.

Parliament of Sri Lanka Sri Lanka
By Wayomi Sep 30, 2023 08:54 AM GMT
Wayomi

Wayomi

Report

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවය කරන ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන බවට ලැබුණු චෝදනා සහ පැමිණිලි මත පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ දැනුම්දීම අනුවයි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එහි ප්‍රධානීන් විසින් පාර්ලිමේන්තු මහලේකම්වරියට පසුගියදා බාර දුන් අතර එම වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු පදනම් කරගෙන මෙම විධිමත් පරීක්ෂණය ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.

ඊට මූලික පරීක්ෂණ පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂිකා ( පරිපාලන) තච්චනා රාණි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් සහකාර අධ්‍යක්ෂිකා (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ හැන්සාඩ් සංස්කාරිකා නයනි ලොකු කොඩිකාර යන ත්‍රිපුද්ගල කණ්ඩායම විසින්.

ඒ, අනුව මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කරනු ලැබුවා.

මේ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔවුන්ට චෝදනා පත්‍ර බාරදී නිදහසට කරුණු විමසීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.       

ReeCha