13 හැවිරිදි දැරියක් ගැබිණියක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
Sexual harassment
Sri Lanka Police Investigation
By krishani
ගල්කිරියාගම ප්‍රදේශයේ වයස අවුරුදු 13ක බාලවයස්කාර පාසල් දැරියක් ගැබිනියක් බවට පත් කිරීමේ පුවතක් වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් පෙරේදා (20) සැකපිට රළපනාව, නවගත්තේගම, ආණමඩුව ප්‍රදේශයේ 52 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පණිවුඩයකට අනුව පොලිසිය විසින් කළ විමර්ශනයකට අනුවයි.
සැකකරු කිහිප අවස්ථාවකදීම මෙම බාලවයස්කාර දැරියගෙන් පෙම් සබඳතාවක් ඇරැඹීමට ඇරයුම් කර තිබෙනවා.
සැකකරු තමන් නිදා සිටි කාමරයට ඇතුළු වී තමාගේ මුහුණ වසා නිවෙස පිටුපසට රැගෙන ගොස් අතවරයට ලක් කළ බවත් පසුව එය කිසිවෙකුටත් නොකියන ලෙසට පවසා ඇති බවත් දැරිය කියා සිටියේ ය.
කෙසේ වෙතත්, ඊයේ (21) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේ ය.
