සෙව්වන්දිගේ ලංසුව ලක්ෂ 12යි නම් දේශබන්දුගේ ලංසුව කීයද? (VIDEO)

Report

පොලිසියට සහය දෙන්න මහජනතාව නිරන්තරයෙන් සුදානමින් සිටින බව පුරවැසි සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර පවසනවා.

එසේ සහය අවශ්‍ය නම් දැනට සැඟව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවන මුදල කොපමණද යනුවෙන් ඔහු අද ප්‍රශ්න කර සිටියා.

කොළඹ පොලිස් මුලස්ථානය ඉදිරිපිටදී අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ගනේමුල්ල සංජය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාර සෙව්වන්දිගේ ලන්සුව ලක්ෂ 12ක් නම් දේශබන්දු තෙන්නකෝන්ගේ ලන්සුව කොපමණද යන්න සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී ප්‍රශ්න කර තිබෙනවා.