නුවරඑළියේ ලොකු ප්‍රශ්නයක්

Report

නුවරඑළිය ප්‍රදේශයේ අලුයම් කාලයේ පවතින අධික සිතලත් සමඟ මල් තුහිණ පතිත විමෙන් එළවලු වගාව සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වී ඇති බවට වතු අධිකාරිවරුන් සහ එළවලු ගොවීන් ප්‍රකාශ කරයි.

ඒ අනුව තේ වගාව මත මල් තුහිණ පතිත වීමෙන් තේ ගස් වියලී යැමටත් පටන් ගෙන ඇති බවත්, මේ හේතුවෙන් පවතින කාලගුණයත් සමඟ තේ ඵලදාව අඩු වී ඇති බවත් වතු අධිකාරිවරුන් වැඩිදුරටත් කියා සිටියි.

අද අවම උෂ්ණත්වය නුවරඑළියට

අද අවම උෂ්ණත්වය නුවරඑළියට

එමෙන්ම එළවලු වගාවට මල් තුහිණ පතිත වීම හේතුවෙන් එළවලු පිලිස්සීම පාලනය කිරිමට හිරු එළිය වැටීමට ප්‍රථම ජලය යොදා මල් තුහිණ සොදා හැරීමට එළවලු ගොවීන් කටයුතු කරයි.

මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ අද (21) දින අලුයම් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.40 දක්වා පහළ වැටී ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ලබන 24 ඉඳන් රට පුරා දිස්ත්‍රික්ක 21 ට සුබ ආරංචියක්

ලබන 24 ඉඳන් රට පුරා දිස්ත්‍රික්ක 21 ට සුබ ආරංචියක්

ලංවිමෙන් තවත් අසුබ ආරංචියක් - තව ගාස්තුවක් විදුලි බිලට එකතු කරන්න සැරසෙයි

ලංවිමෙන් තවත් අසුබ ආරංචියක් - තව ගාස්තුවක් විදුලි බිලට එකතු කරන්න සැරසෙයි