ආපදා වලින් පස්සෙ දුම්රිය යළිත් ධාවනයට එක් වෙන දුම්රිය විස්තරේ මෙන්න

Report

මෙරටට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ කොටුව සහ ත්‍රිකුණාමලය අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ජනවාරි 20 වනදා සිට යළි ධාවනයට එක්කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

තවද කොළඹ කොටුව හා මඩකලපුව අතර ධාවනය වන පුලතිසි නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රියද එදින සිට දිනපතා ධාවනයට එක්කරනු ලබයි .

හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වේ

හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වේ

ඒ වගේම උදය දේවී දුම්රිය ධාවනය ද ආපදා තත්ත්වයෙන් පසු නැවත ධාවනය ආරම්භ කිරීමට පහත පරිදි සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ අනුව අයහපත් කාලගුණයෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු එළැඹෙන 19වනදා ආරම්භ කරනු ලබයි .

මේ හේතුව නිසා නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සීමා කර තිබෙන බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබද ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බවයි .

ආපදා වලින් පස්සෙ දුම්රිය යළිත් ධාවනයට එක් වෙන දුම්රිය විස්තරේ මෙන්න | Several Trains Resume Service After Disaster

සෑම බසයකම සවි කරන්න යන දේ මෙන්න

සෑම බසයකම සවි කරන්න යන දේ මෙන්න