දෙවියනේ දරුණු නායයාමක් - දරුවන් ඇතුළු පුද්ගලයන් අතුරුදන්
නවසීලන්තයේ සංචාරක ප්‍රදේශයක පිහිටි කඳවුරු භූමියක සිදු වූ නාය යෑමක් සිදුව ඇති අතර එම සිදුවීමෙන් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නායයෑම නවසීලන්තයේ ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍රදේශයේ කඳවුරු භූමියකදී වාර්තා වී ඇති අතර, අතුරුදහන් වූ පුද්ගලයන් සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි උත්සාහයක නිරතව සිටින බව සඳහන්.
දිගින් දිගටම පවතින තද වැසි සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතු සඳහාද බාධා එල්ල වී ඇති අතර, ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමද අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ඕක්ලන්ඩ් නගරය සහ එයට ආසන්න බොහෝ ප්‍රදේශ මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් දැඩි ලෙස බලපෑම්වලට ලක්ව ඇති අතර, එම ප්‍රදේශ සඳහා කාලගුණ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.
ඕක්ලන්ඩ් නගරයට උතුරින් පිහිටි මහුරංගි ගඟේ ජල මට්ටම අවදානම් මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ගඟ අවට සහ නගරීය ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් වලින් වැළකී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළද කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත් විය හැකි බවට අනතුරු අගවා ඇත.