තම අකමැත්තෙන් රට ගිය බිරිඳ එරෙහිව වන්දි ඉල්ලා නඩු දැමු ස්වාමියාට අමුතු ඉල්ලීමක්...

Report

 පවුල අතහැර ගොස් සිටින බිරිඳකට එරෙහිව පවරා ඇති නඩුවක වරෙන්තුවක් ක්‍රියාත්මක කරදීම හා ඇයගෙන් වන්දි අයකර දීමට කටයුතු කර දෙන බව පවසා එම බිරිඳගේ ස්වාමිපුරුෂයාගෙන් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සැරයන්වරයකු මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (06) නියෝග කළා.

ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු අල්ලස් හො දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

මෙන්න මේ ප්‍රදේශ වලට පැය 28ක ජල සැපයුම අත්හිටුවීමක්..

මෙන්න මේ ප්‍රදේශ වලට පැය 28ක ජල සැපයුම අත්හිටුවීමක්..

අදාළ අල්ලස් මුදල ලබා නොදෙන්නේ නම් නීතිවිරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිලිකාර සැමියාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවරන බවට තර්ජනය කරමින් සැකකාර සැරයන්වරයා පැමිණලිකරුගෙන් එම රුපියල් 20,000 මුදල ඉල්ලා ඇති බව ද අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

එම ස්වාමිපුරුෂයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව උපාය දූතයෙකු යොදවා සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව ද එම නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

පුවත්පතේ දැමු මංගල දැන්වීමට ආපු ඇග හිරි වැටෙන දුරකතන ඇමතුම...

පුවත්පතේ දැමු මංගල දැන්වීමට ආපු ඇග හිරි වැටෙන දුරකතන ඇමතුම...

ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පැමිණිලිකාර පුද්ගලයා තිදරු පියකු බවත් ඔහුගේ අකමැත්ත මත බිරිඳ විදෙස්ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු ගල්ගමුව අධිකරණය හමුවේ බිරිඳට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් පවරා ඇති බවත් ඒ අනුව අධිකරණය මගින් එම බිරිඳට එරෙහිව අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත්කර තිබී ඇතිි බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දක්වා ඇත.

ගල්ගමුව ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සැරයන්වරයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

You may like this video