විසික්කරනවානම් මම ගත්තම මොකෝ සිතු සැරයන්ට සිදුවූ දේ..

Report

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන ‌කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ‌ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.

තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි..

තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි..

 එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ එම කොට්ඨාසේම පින්තාරකරුවෙකු ලෙස සේවය කරන කොස්තාපල්වරයෙකි.

 වවුනියාව ‌ පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු වවුනියාව පොලිස් ප්‍රවාහන ඒකකය මගින් ඉවත් කිරීම සඳහා තිබූ පරණ ටයර් බැටරි ඇතුළු විවිධ දේපළ නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන විත් ඉකුත් 4වෙනි දින එම දේපළ භාරදෙන අවස්ථාවේදී රැගෙන එන ලද බැටරි වලින් දෙකක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අවට පරික්ෂා කිරීමේදී එක බැටරියක් හමුවී ඇතැයි පොලිසිය කියයි.

ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර විශාල පිපිරීමක් ..(VIDEO/PHOTOS)

ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර විශාල පිපිරීමක් ..(VIDEO/PHOTOS)

 සොයා බැලුවද අනෙක් බැටරිය හමුවුනොවීම නිසා සැරයන්වරයා විසින් ඒ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කිරීමේදී සැකකාර කොස්තාපල්වරයා විසින් එම සොරකම සිදුකර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රවාහන කොට්ඨාසයේ බස් රථයක් තුළ සඟවා තිබී මෙම බැටරිය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.