තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි..
By Piyumika
කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හංදිය ප්‍රදේශයේ දී අද (07) අලුයම තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ඝාතනයට ලක්වූ කාන්තාව 32 හැවිරිදි වියේ පසුවන අතර, ඇයගේ ස්ථිර පදිංචිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.
මෙම කාන්තාව සහ තවත් පුද්ගලයෙක් සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
අපරාධය සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.