වතු ඉඩම් බදු දීම ගැන සෙන්දිල් තොණ්ඩමන්ගෙන් රජයට නව කොන්දේසි මාලාවක්

Report

වතු නැවත බදු දීම සඳහා සමාගම් ඉදිරිපත් කරන ඉල්ලීම් සලකා බැලීමේදී නව කොන්දේසි ඇතුළත් කර ගිවිසුම්වලට එළඹිය යුතු බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව, පන්සල්, පාසල්, රෝහල් සහ දිගුකාලීන නිවාස සඳහා වෙන් කර ඇති ඉඩම් හැරුණු විට වතු කම්කරු නිවාස ආශ්‍රිතව පවතින හෙක්ටයාර 25ක ඉඩම් බදු දීමට පියවර ගත යුතු බව ඔහු යෝජනා කර තිබේ.

එමෙන්ම, අනාගත නිවාස හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අදාළ වතු ඉඩම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පාලනය යටතට පත් කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

වතු බදු ගිවිසුම් සඳහා සෑම වසර පහකට වරක්ම බදු මුදල් නැවත ඇගයීමට ලක් කර ඉහළ නැංවීම, සේවක වැටුප් වාර්ෂිකව වැඩි කිරීම සහ වැටුප් සම්බන්ධ සාකච්ඡාවලදී වැවිලි අමාත්‍යාංශය ද නියෝජනය කිරීම වැනි කොන්දේසි ඇතුළත් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

තවද, සමාගම් විසින් නිෂ්පාදන කටයුතු සඳහා භාවිත නොකරන මුඩු ඉඩම් නැවත පවරාගෙන වතුකරයේ තරුණ තරුණියන්ට සහ කාන්තාවන්ට ලබාදිය යුතු බව ඔහු අවධාරණය කළේය.

තේ නිෂ්පාදනයට අමතරව තරු පන්තියේ හෝටල් ඇතුළු සංචාරක කර්මාන්ත කටයුතු සඳහා යොදා ගන්නා වතු ඉඩම් වෙනුවෙන් ඉහළ බදු මුදලක් අය කළ යුතු බව ද සෙන්දිල් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක් - පළාත් 5කට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක් - පළාත් 5කට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

පසුගිය ආර්ථික අර්බුදකාරී අවස්ථාවලදී රජයට වතු කළමනාකරණය කිරීමේ හැකියාවක් නොතිබූ බැවින් බහුතර වෘත්තීය සමිතිවල එකඟතාව මත එම වතු සමාගම් වෙත බදු දීමට පියවර ගත් බව ද ඔහු පැවසීය.

එසේ නොකළේ නම් වතු පෞද්ගලික පුද්ගලයන්ගේ දේපළ බවට පත්වීමේ අවදානමක් පැවති අතර, එමඟින් වතුකරයේ ජනතාවට සිය නිවාසවලින් ඉවත් වීමට සිදුවිය හැකිව තිබූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න