රටම වේදානාවට පත්කළ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ රිමාන්ඩ්

Report

හොරණ - බටගොඩ පිහිටි සෙනෙහසසේ කැදැල්ල නැමැති නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .

ඒ, ඔහු අද (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතා හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසයි.

රටම කම්පා කළ හොරණ වැඩිහිටි නිවාසය තවත් කළඹමින් ගින්නෙන් මියගිය ගණන ඉහළට - අධ්‍යක්ෂවරයාත් අත්අඩංගුවට -

රටම කම්පා කළ හොරණ වැඩිහිටි නිවාසය තවත් කළඹමින් ගින්නෙන් මියගිය ගණන ඉහළට - අධ්‍යක්ෂවරයාත් අත්අඩංගුවට -

මේ අතර ඊයේ (03) දින පස්වරුවේ ඇති වූ මෙම ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ සහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

එමෙන්ම ගින්න හටගන්නා අවස්ථාවේ එම නිවාසයේ වැඩිහිටියන් 72 කු රැදී සිට තිබෙන බවත් ඊට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු ඇතුළත් බවත් වාර්තා වේ.

මෙම ගින්නට මැදි වූ 51 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කළ අතර ඔවුන් මේ වනවිට බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියි.

මේ අතර සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රියේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පැමිණ ඇත.

බේරගෙන ආව අම්මා කෙනෙක් මාලේ වැටිලා කියලා ආපහු දිව්වා එයත් පිච්චිලා ගියා.. දංවැල් දාලා බැඳලා තියන්නේ - අළු වූ කැඳැල්ලෙන් ඇහෙන සංවේදී කතා රැසක්

බේරගෙන ආව අම්මා කෙනෙක් මාලේ වැටිලා කියලා ආපහු දිව්වා එයත් පිච්චිලා ගියා.. දංවැල් දාලා බැඳලා තියන්නේ - අළු වූ කැඳැල්ලෙන් ඇහෙන සංවේදී කතා රැසක්