වැඩි මිලට පානීය ජල බෝතල් විකුණුවොත් වැඩ වරදී

Sri Lanka Police New Gazette Water
By Zara Apr 23, 2025 04:45 PM GMT
Zara

Zara

Report

දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පනවා ඇත.

ඒ අනුව පානීය ජල බෝතල්වල මිල,

මිලි ලීටර් 500 රුපියල් 70 ට

ලිටරය රුපියල් 100 ට

ලිටර් 1.5 රුපියල් 130ට

ලිටර් 2 රුපියල් 160 ට

ලිටර් 5 රුපියල් 350ට, වඩා වැඩි මිලකට විකිණීම නොකළ යුතුය.

එසේම නව මිල ගණන් යටතේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නිෂ්පාදනය කරනු ලැබූ පානීය ජල බෝතල්වල කවර මිලක් සටහන්ව තිබුණ ද එම පානීය ජල බෝතල් ගැසට් පත්‍රයේ සඳහන් උපරිම සිල්ලර මිලට අලෙවි කිරීම අනිවාර්ය වන අතර ගැසට් පත්‍රය නිකුත් කළ දිනයට පසුව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල් ඇසුරුම් හි නව මිල සටහන් කිරීම් ද අනිවාර්ය වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා පානිය ජල බෝතල් අලෙවි කරනු ලබන, සමාගමක් ලෙස ලියාපදිංචි ව්‍යාපාරිකයන් පළමු වරට කරනු ලබන වරදක දී රුපියල් ලක්ෂ 5 - රුපියල් ලක්ෂ 50 අතර දඩ මුදලකට යටත් වේ.

එමෙන්ම සමාගමක් නොවන ව්‍යාපාරික ආයතනයක් එම වරද පළමු වරට කරනු ලැබුවහොත් රුපියල් 100,000 සිට රුපියල් 500,000ක් දක්වා දඩ මුදලක් ද අධිකරණ මගින් නියම කරනු ඇත.

සමාගමක් නොවන ව්‍යාපාරිකයෙකුට එම දඩ මුදලට අමතරව පළමු උල්ලංඝනයේ දී මාස 06ක සිරගතවීමක් හෝ දඩය සහ සිරගතවීම යන ආකාර දෙකෙන් එකකට යටත් වීමට ද සිදුවිය හැකිය.

දෙවන වරට හෝ ඉන් පසුව කරනු ලබන වදරකදී ඉහත සඳහන් දඩ සීමාවන් තවත් වැඩිවනු ඇත.

දිවයිනපුරා, පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

හෙට උණුසුම ඉහළට

හෙට උණුසුම ඉහළට

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

ReeCha