මගේ කුසින් මට දරුවෙක් හදා ගන්න බෑ.." සුප්‍රසිද්ධ තාරකාවියගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..
ලෝක ප්‍රකට තාරකාවක් වන සෙලීනා ගෝමස්, සිය පෞද්ගලික ජීවිතේ ගැන අතිශය ආන්දෝලනාත්මක කාරණාවක් ප්‍රසිද්ධ කරලා.
ඒ, ඇයට තමන්ගේ ම දරුවෙක්ට උපත ලබාදිය නොහැකි බව. 32 හැවිරිදි සෙලීනා මේ කතාව ප්‍රසිද්ධ කරලා තිබුණෙ, 'Vanity Fair' සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී. එහිදී ඇය දුක්වෙලා තිබුණා තමන්ට 'ආරක්ෂිත ගැබ් ගැනීමක් කළ නොහැකි' බවට වන කාරණාවත් එක්ක.
''මම මේක කිසිම විටක කියලා නෑ. නමුත් ඇත්ත, අවාසනාවකට මට මගේම කුසින් දරුවෙක් හදාගන්න බෑ. මට, මගේ ජීවිතේ සහ දරුවෙක්ගෙ ජීවිතේ අනතුරේ හෙළන වෛද්‍ය ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හේතුවත් එක්ක කාලයක් මට දුකින් ඉන්න සිද්ද වුණා...''
සෙලීනා ගෝමස් මීට ඉහත දී ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්රිත රෝග තත්ත්වයක් ( immune system becomes hyperactive and attacks normal tissue) පිළිබඳවත් විවෘතව කතා කරලා තිබුණා. එහිදී ඇය සඳහන් කරලා තිබුණා, ඖෂධ භාවිතයෙන් රෝග ලක්ෂණ පාලනය කළ හැකි බවත්.
ඒ වගේම 2017 දී සෙලීනා හෙළිකළා ඇයගේ රෝග තත්ත්වයක් නිසාවෙන් වකුගඩු බද්ධ කිරීමක් ද සිදුකර ඇති බව. සෙලීනාගේ සෞඛ්‍යයමය අර්බුද එතනින් ඉවර නෑ. ඇය ඇගේ වාර්තා චිත්‍රපටය වන My Mind and Me හි මානසික අක්‍රමිකතාවක් (bipolar disorder) සම්බන්ධවත් විවෘතව කතා කරලා තිබුණා.
ඒ අනුව 2022 දී වරෙක ඈ කියනවා එම මානසික අක්රමිකතාවට ලබන ප්‍රතිකාර සඳහා ගන්නා ඖෂධ නිසාවෙන් 'තමාට ආරක්ෂිත ගැබ් ගැනීමක් කළ නොහැකි විය හැකි' බව. කොහොම නමුත් 'Vanity Fair' සම්මුඛ සාකච්ඡාවේදී, සෙලීනා වඩාත් සංවේදීව තිබුණේ තමා දරුවන් ලැබීමට බලාපොරොත්තු වන බවත් ආදේශකයක් මඟින් හෝ දරුවෙකු දරුකමට හදාගැනීමෙන් හෝ මවක් වීමට සැලසුම් කරන බව.
(සෙලීනා ගෝමස්ගේ මවත් දරුකමට හදාගත් අයෙකි) සිය කතාබහ තුළ සෙලීනා විශේෂ කර තිබුණු තවත් කාරණාවකි, ඒ ආදේශක මාර්ගයෙන් හෝ දරුවෙකු අරන් හදාගැනීමෙන් දරුවන්ට කැමති අය වෙනුවෙන් අවස්ථා නිර්මාණයව තිබීම ආශිර්වාදයක් වන බව.
''අම්මලා වෙන්න මැරෙන මිනිස්සු වෙනුවෙන්, එවන් අවස්ථා තිබීම ගැන මම ඇත්තට ම ස්තුතිවන්ත වෙනවා.
මමත් ඒ අයගෙන් කෙනෙක්...''