ජනපති රනිල් සිය දේශපාලන කාර්යාලය විවෘත කරයි...
By Parami Dissanayake
අද (06) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය කොළඹ දී විවෘත කළේ ය.
නව කාර්යාලය කොළඹ සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර, ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙනු ඇත.
නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ,කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහ විහාරාධිපති , ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
සෙසු ආගමික නායකයන් ද ආගමික වතාවත් සිදු කර ආශිර්වාද පළ කළහ.