T20 උණුසුම අතරේ මෙරට ආරක්ෂාව තර වෙයි

Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන අයිසිසී පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් සේවයේ යොදවා ඇති බව පොලිසිය නිවේදනය කරයි.

මෙම තරගාවලියේ මෙරට පැවැත්වෙන තරග සඳහා ආරක්ෂාව ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට විශේෂ සැලසුම් ක්‍රියාත්මක කර ඇති අතර, විශේෂයෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය වැනි ඉහළ මට්ටමේ තරග සඳහා අමතර අවධානය යොමු කර ඇත.

මෙවර T20 ලෝක කුසලානය ප්‍රශ්න ගොඩක - ICCයට තවත් කනේ පාරක්

මෙවර T20 ලෝක කුසලානය ප්‍රශ්න ගොඩක - ICCයට තවත් කනේ පාරක්

ඒ අනුව ප්‍රේක්ෂකයින් ක්‍රීඩා භූමිය තුළට විශාල ප්‍රමාණයේ ගමන්මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් ක්‍රීඩා භූමියට රැගෙන පැමිණීම තහනම් කර ඇත.

එසේම මහජනතාවගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන් ද සේවයේ යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ආරක්ෂිතව හා සුවපහසුව තරග නැරඹීම සඳහා මෙම නීති රීති පිළිපැදීමට ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව ද පොලිසිය අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් සිය අප්‍රසාදය පළ කරමින් පකිස්තානයට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් සිය අප්‍රසාදය පළ කරමින් පකිස්තානයට ලිපියක්

අද ලග්නය කියන රහස මෙන්න!

අද ලග්නය කියන රහස මෙන්න!