පාසල් විවෘත කිරීමට ජනපති නිර්දේශ ඉල්ලයි..ජනපති තීරණය මෙන්න..
covid19
vaccination
school re open
Gotabahaya Rajapaksha
By Sewvandhi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පවත්වා තිබුණි.
එහිදී, සිසුන් 100ට අඩු පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව විහිදී පවතින බැවින් පළමුව එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලා ඇත.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් නිර්දේශ ලබාදීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
2020 සහ 2021 වසරවල පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 07කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමිවීමෙන් සිදුවී ඇති බලපෑම මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
එම නිවේදනය පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
