මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

Report

දිවයින පුරා පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අද (2026 මැයි 14) පියවර ගෙන තිබේ.

අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ඉදිරි පැය 24ක කාලයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනු ඇත.

වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කරන්න - ඕමල්පේ සෝභිත නාහිමි

වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කරන්න - ඕමල්පේ සෝභිත නාහිමි

ඒ අනුව ගාල්ල (නෙලුව), කළුතර (අගලවත්ත, බදුරලිය, මතුගම, හොරණ, වලල්ලාවිට), කුරුණෑගල (අලව්ව) සහ රත්නපුර (පැල්මඩුල්ල, රත්නපුර) යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ (Level 2 - Amber) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල ජනතාව නායයෑම් ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

අධි ගංවතුර තත්ත්වයක් නොවුණත් මේ ගංගාවල ජල මට්ටම අවදාන‍ය යොමු කළ යුතු මට්ටමක බව දැනුම්දෙයි

අධි ගංවතුර තත්ත්වයක් නොවුණත් මේ ගංගාවල ජල මට්ටම අවදාන‍ය යොමු කළ යුතු මට්ටමක බව දැනුම්දෙයි

මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා පළමු මට්ටමේ (Level 1 - Yellow) 'විමසිලිමත්' වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

විශේෂයෙන් කඳු බෑවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව පොළොව ගිලා බැසීම්, ගස් ඇලවීම් හෝ පස් කඩාවැටීම් වැනි පූර්ව නායයෑම් ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානමින් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.