පාසල් දරුවන්ට පොල් කට්ටෙන් ඉහළ වටිනාකමක්..අලුත් වැඩකින් දරුවන්ට හොඳ ආදායමක්..

Ministry of Education Galle Sri Lankan Schools Education Technology
By Aruna Jul 05, 2024 02:51 AM GMT
Aruna

Aruna

Report

පාසල්වල පොල් කටු එකතු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම මගින් සතියකට රුපියල් 130,000 ක පමණ ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටිනවා.

පාසල්වල පොල් කටු එකතු කිරීමේ නියමු ව්‍යාපෘතියක් පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්ව ගාල්ල,නෙළුව ජාතික පාසල ආශ්‍රිතව පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ බවත්,එහිදී, සිසුන් සතියක කාලයක් තුළදී සිය නිවාසවලින් ඉවත දමන පොල් කටු කිලෝග්‍රෑම් 4,000 ක් පාසැලට රැගෙන ආ බවත් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා කියා සිටියා.

පාසල් ළමුන් වෙනුවෙන් ප්‍රධානියෙක් ඉල්ලූ දේ..ලැබුනොත් දෙමාපියන්ට සුබ ආරංචියක්..

පාසල් ළමුන් වෙනුවෙන් ප්‍රධානියෙක් ඉල්ලූ දේ..ලැබුනොත් දෙමාපියන්ට සුබ ආරංචියක්..


කර්මාන්තකරුවන් පොල් කටු කිලෝවක් මේ දිනවල රුපියල් 36 කට මිලදී ගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සභාපතිවරයා සඳහන් කළේ, පාසල් තුළ පොල් කටු එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේනම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට සහ කර්මාන්තකරුවන් සම්බන්ධ කිරීමට පොල් සංවර්ධන අධිකාරිය ඍජුව මැදිහත් වන බවයි.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම මගින් පාසල් තුළ ස්මාර්ට් පන්ති කාමර සකස් කර ගැනීම ඇතුළු ශිෂ්‍ය සුබසාධන කටයුතු සඳහා මුදල් සොයා ගැනීමේ හැකියාව පවතින බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

67 වැනි මහලෙන් ඇද වැටී මිය ගිය 15 හැවිරිදි සිසුවා සහ සිසුවියගේ සිද්ධිය ගැන අලුත්ම ආරංචිය මෙන්න..(PHOTOS)

67 වැනි මහලෙන් ඇද වැටී මිය ගිය 15 හැවිරිදි සිසුවා සහ සිසුවියගේ සිද්ධිය ගැන අලුත්ම ආරංචිය මෙන්න..(PHOTOS)


මේ අතර මෙම ව්‍යාපෘතිය පාසල් වල ක්‍රියාත්මක කරනවා සේම පොල්කටු අගුරු සඳහා ජාත්‍යන්තර වෙළඳ පොලෙහි ඉහළ වටිනාකමක් සහ ඉල්ලුමක් පවතින බැවින් ඊට සරිලන ලෙස මෙරට පොල් කටු අඟුරු සඳහා හොඳ වෙළඳ පොළක් ලබාදීමට ද මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ නම් මෙම ක්‍රියාවලිය තවත් ඵලදායි වනු ඇති.

එලෙස ඉහල වටිනාකමක් ලැබුණහොත් පාසල් දරුවන් මෙන්න රට පුරා සිටින සියලුම දෙනාට වඩාත් හොඳ ආදායමක් උපයා ගැනීමට මහගු අවසථාවක් වනු ඇත.