පාසල් ළමුන් වෙනුවෙන් ප්රධානියෙක් ඉල්ලූ දේ..ලැබුනොත් දෙමාපියන්ට සුබ ආරංචියක්..
පාසල් ළමුන් ප්රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමයේ සභාපති මල් ශ්රී ද සිල්වා මහතා ප්රකාශ කරන ලදී.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි වීම ඊට හේතුවී ඇත.
ඒ අනුව මේවන විට බොහෝ පාසල් වෑන් රථ බොහෝ අඩු පාඩු මත දරුවන් පාසල් වෙත ප්රවාහනය කරනු ලබයි.
ඒ හේතුවෙන් මීට පෙර ලබාදුන් පරිදි සහනදායි ණයක් හෝ ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලකු ලබයි.
මේ අතර ඉන්ධන මිල සංශෝධනය අනුව ජුනි 30 වනදා සිට පෙට්රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවුනි.
ඒ අනුව ප්රවාහන ගාස්තු අඩු කළ නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.