පාසලක් කළඹමින් උඩ තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව කියන සිසුවාගේ මරණය ගැන භයානක අනාවරණයක්
කුරුණෑගල උඩවල්පොල ප්‍රදේශයේ සිව් මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලින් පැන සියදිවි නසාගත් බව කියන සිසුවා මියයාමට පෙර සියදිවි නසාගැනීමකට අණ කෙරෙන අන්තර්ජාල සූදු ක්‍රීඩාවක නිරතව සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ මියගොස් තිබුණේ කුරුණෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ සදරු දෙව්මිණ බණ්ඩාර නමැති 16 හැවිරිදි සිසුවෙක්. ඉකුත් සිකුරාදා (08) දින අලුයම මෙම මරණය සිදුව තිබුණා.
ඒ අනුව මරණය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර කුරුණෑගල වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලිෂියන් පෙරේරා ස්ථානීය පරීක්ෂාව සිදුකර තිබුණා.
මේ අතර මියගිය සිසුවා වැටී සිටි ස්ථානය හා නිවාස සංකීර්ණයේ ඉහළ මාලය මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී මියගිය සිසුවා පැලඳ සිටි පාවහන් යුගලය ඉතා ක්‍රමානුකූලව ගලවා තබා ඇති අයුරු නිරීක්ෂණය වී තිබෙනවා.
එමෙන්ම ඒ අසල වූ සිසුවා විසින් භාවිතා කළ බව පවසන සිසුවාගේ පියාට අයත් ජංගම දුරකථනයේ අන්තර්ජාල සූදු ක්‍රීඩාවක් ක්‍රියාත්මකව තිබී ඇති බවත් සඳහන්.