වැසුණු පාසල් යළි විවෘත කිරීමට හදිසි තීරණයක්..
Bangladesh
World
Education
By Aruna
වසා දැමුණු පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙන බව බංග්ලාදේශයෙන් වාර්තා වනවා.
රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති උද්ඝෝෂණ සහ ගැටුම් හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පසුගිය මාසයේ 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මසකට අධික කාලයකින් පසුව බංග්ලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇති බවයි.
