හෙට සහ අනිද්දා දෙදින කලාපයකට අයත් සියලුම පාසල් වැසෙයි.

Ministry of Education Nuwara Eliya Sri Lanka
By krishani Jul 05, 2023 02:21 PM GMT
krishani

krishani

Report

හෙට සහ අනිද්දා (06,07) දෙදින නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් වසා තැබෙන බව වාර්තා වේ.

ඒ පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් බව නුවරඑළිය අධ්‍යාපන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් අද (05) දිනයේ ද වසා තැබීමට පියවර ගනු ලැබීය.