දිවයින පුරා යළි පාසල් වහන්න වෙයි?. කොරෝනා වෙන් රතු එළියක්..

Covid Sri Lanka Education School closed
By Aruna Nov 05, 2021 08:39 AM GMT
Aruna

Aruna

Report

දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ එම වැඩිවීම පෙනී යන බවද ඒ මහතා පැවසීය.

එනිසා දෙමාපියන් ලෙස කළ යුතු වන්නේ දරුවන් ද රැකගෙන පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය ලබා දීම බව ද ඔහු පවසයි.

කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය.

දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් වහාම නවතා දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha