ප්‍රසිද්ධ පාසලක 11 වසරේ සිසුන් දෙදෙනෙකු පාරේ වැටී සිටියදි සොයාගැනේ. - අවසානයේ හෙළිදරව් වූ දේ මෙන්න.
හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රසිද්ධ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු කසිප්පු පානය කර පාසල ඉදිරිපිට අතුරු මාර්ගයක පාසල් නිල ඇඳුමින්ම සිහිසුන්ව වැටී සිටියදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ වාර්තා වෙනවා.

පාසල් සිසුන්ට දුක හිතෙන ආරංචියක්. - රජයෙන් දුන් මුදල් දීමනා සහ රක්ෂණය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.
ඒ, පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම් දීමක් මතයි.
එම රෝහලේදී කරන ලද ප්‍රතිකාර වලින් පසුව එක් සිසුවකුට තරමක සිහිය ලැබී ඇත.
අනතුරුව එම සිසුවා රෝහලේ වෛද්‍යවරුන් සමඟ පවසා ඇත්තේ මිතුරා පාසලට රැගෙන ආ වතුර බෝතලයේ තිබූ යමක් පානය කිරීමට ලබා දුන් බවත් එය පානය කිරීමෙන් පසු වමනය ගොස් ක්ලාන්තය දැමූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පාසැල නිමවීමෙන් පසු විද්‍යාලයේදීම පැවැත්වෙන පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ පාසල ඉදිරිපිටින් ඇති අතුරු මාර්ගයට ගොස් එක් සිසුවෙකු විසින් පාසලට වතුර බෝතලයක දමාගෙන ආ කසිප්පු අතුරු මාර්ගයට ගොස් පානය කර ඇත.
කසිප්පු පානය කිරීමෙන් පසු සිහිසුන් වූ එක් සිසුවකුගේ මවක වෙනත් පාසලක ගුරුවරියක බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජයග්‍රහණයෙන් පසු සනත්ව පෙරටු කර ගෙන ටීම් එකම පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව දක්වන්න ගිහින්. - (VIDEO /PHOTOS)
