වැඩිහිටි දීමනාව ලැබෙන තවත් පිරිසක් මෙන්න
තවත් ලක්ෂ 2ක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර ගන්නා බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා.
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් සමාජ සේවා නිලධාරීන් මාර්ගයෙන් සිය අයදුම්පත් යොමු කළ යුතු බවයි.
වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් මෙම දීමනාවේ හිමිකරුවන වනවා.
කැබිනට් අනුමතයකින්, 2025 අප්‍රේල් සිට මෙම වැඩිහිටි දීමනා මුදල රු. 5,000 දක්වා ඉහළ දැමීමට යෝජිත විය.