ප්‍රකාශයක් දෙන්න වෙන බයට සුජීව රටින් පැනලා

Report

පසුගිය දා රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුතු වී එයිට් වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කර ඇති බවට හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට චෝදනා එල්ල විය, නමුත් ඔහු ඒ සදහා ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කළ කැදවීම හය වතාවක්ම විවිධ හේතු මත මග හැර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හෙළි වී තිබේ.

2026 දී ද්විතික පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්

2026 දී ද්විතික පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අධිනීතීඥවරයා මෙම කරුණු අනාවරණය කළ අතර, ඔහු තවදුරටත් විමර්ශන සදහා සහාය නොදක්වන්නේ නම්, අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ හැකි බවද පවසා තිබේ. මේ අවස්ථාවේ සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා පවසා ඇත්තේ, රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සදහා ඔහු විදෙස්ගතව ඇති බවයි.

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

එලෙස ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස්ගත වූවානම් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කර තිබේ.