ඉන්දියාවේ පාලමක් කඩා වැටී 09ක් මරුට

Gujarat India Death Sinhala news
By Hashini Jul 09, 2025 09:34 AM GMT
Hashini

Hashini

Report

ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් සහ වඩෝදර් දිස්ත්‍රික්කය සම්බන්ධ කරවන පාලමේ කොටසක් අද උදෑසන කඩා වැටී පුද්ගලයින් 09 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ පාලම කඩා වැටෙන මොහොතේ අධික රථ වාහන තදබදයක් තිබී ඇති අතර ඒ අවස්ථාවේ පාලම හරහා ගමන් කරමින් තිබූ රථවාහන කිහිපයක් "මහිසාර්' ගඟට වැටීමෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ගඟට වැටුණු වාහන අතර ට්‍රක් රථයක්, බ්ලෙරෝ SUV රථයක්, පිකප් වෑන් රථයක් ඇතුළු රථ වාහන කිහිපයක් තිබී ඇති බව මූලික පරීක්ෂණවලින් හෙලි වී තිබෙනවා.

පාලම කඩා වැටෙන මොහොතේ විශාල ශබ්ධයක් ඇසුණු බවට සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් පවසන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ වන විට ගිනි නිවීමේ හමුදා හා පොලිසිය විසින් එම ස්ථානයේ ගලවා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, සුන්බුන් අතර හිර වූ පුද්ගලයන් පිරිසක් මේ වන විට අසළ පිහිටි රෝහලකට ඇතුලත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.  

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

ReeCha